අසුන් පැන ගිය පසු ස්තාලය වසා දමා ඇති පලය කිම ?


රජයේ සන්නද්ධ ඒකකයන්හි අවි ගබඩා වලින් දිගුදුර ස්නයිපර් අවි අතුරුදහන් වී ඇත. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණවල දුරකථන හඬ පට හෙළිදරව් වී ඇත. මේ අතර ඉහත ක්‍රියාදාමයේම දිගුවක් ලෙස ඊයේ මාවනැල්ලෙන් නවීන ආයුධ තොගයක් සොයාගෙන ඇත. අවි තොගය හමු වී තිබෙන්නේ කෑගල්ල ශ්‍රීලනිප සංවිධායක ඉමිතියාස් කාදර්ගේ නිවසිනි.

අසුන් පැන ගියාට පසුව ස්තාලය වසා දමා පළක් නැත යන්න ප්‍රකට බටහිර කියමනකි. වර්තමානය වන විට අපේ රටේ බොහෝ විට සිදු වන්නේ ඒ ආකාරයේ සිදුවීම් ය. මේ මොහොතේ රටට අවශ්‍ය නායකයෙකු ඝාතනය වුවහොත් ඊට පසු පංචතූර්‍ය නාදයෙන් දේහය ආදාහනය කොට පළක් නැත. ප්‍රශස්ති ගයා, සමරු පිළිරූ ඉදිකර පළක් නැත. යමක් සිදුවීමට පෙර එය වළක්වාගැනීම උදෙසා සියල්ලන්ම විමසිල්ලෙන් සිටිය යුතු කාලයක් එළඹ තිබේ.

මාවනැල්ල යනු මහනුවරට ඇතුල්වන ප්‍රධාන දොරටුවකි. අකුරණද, දිගනද, පරගහදෙණියද, ගම්පොළද මහනුවරට ඇතුල්වන අනෙකුත් මාර්ගයන්හි පිහිටි ප්‍රධාන දොරටූන් වෙයි. මේ සියළු උපායමාර්ගික වැදගත් ස්ථානයන්හි ජාතිවාදී විෂ පැතිරවීමට අන්තවාදීන් සමත් වී ඇත. දිගන ගිනි ගත්තේය. අකුරණ, පරගහදෙණිය සහ ගම්පොළ ද වරින් වර අලු යට ගිනි මතු වෙමින් ඇත. මෙම ප්‍රදේශවල ආගමික ස්ථානයන් කේන්ද්‍ර කරගෙන ආයුධ රැස් කෙරෙමින් පවතින බවට වරින් වර චෝදනා එල්ල විය. එහි වගකීම ගැන චෝදනා එල්ල වූයේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල ආධාරකරුවන් සහ ප්‍රබල සාමාජිකයන් වන දේශපාලනඥයින් වෙතය. දැන් එම චෝදනා පදනම් විරහිත නොවන බව ඔප්පු වී අවසානය.

නිසැක වශයෙන් ඉතා කෙටි කලෙකින් මෙම කුමන්ත්‍රණකාරී, ජාතිවාදී දේශපාලන බළල් අත් නිදොස් කොට නිදහස් කරනු ඇත. දිගන සිද්ධියෙන් අත්අඩංගුවට පත් වූ තරුණයන් තවම නඩු නැතිව රිමාන්ඩ් භාරයේ ය. අපි කුමක් කරමු ද?

මේ හමු වූයේ උන් සතුව තිබෙන අවසන් ආයුධ කිහිපය නොවන බවද ස්ථිරය.

Comments

Popular posts from this blog

නවක වධයට තිත තබමු

ජවිපෙ - ගමනක අග

තුමිදු දොඩම්තැන්න බබෙක් ද ? නැත්නම් අපි බබ්බු ද ?