පළාත් සභා ක්‍රමය සහ සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් නොකොට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට එරෙහි විය යුත්තේ ඇයි
සමානුපාතික
ඡන්ද ක්‍රමය යටතේ මේ වන විට මහ මැතිවරණ 07 ක් පවත්වා ඇති අතර එම මැතිවරණවලින්
පාර්ලිමේන්තු ආසන 113 ට වඩා දිනාගනිමින් ස්ථාවර රජයන් බිහි කිරීමට අවස්ථාව ලැබී
ඇත්තේ දෙවතාවකදී පමණි. 1989 මහ මැතිවරණයේදී එජාපයේ ප්‍රේමදාස රජය ආසන 115 ක් ලබාගනිමින්
ද, 2010 දී එජනිසයේ රාජපක්ෂ රජය ආසන 144 ක් ලබාගනිමින් ද ස්ථාවර රජයන් පිහිටවූ අතර
අනෙක් සෑම අවස්ථාවකදීම රජයන් පිහිටුවීම සඳහා වර්ගවාදී පක්ෂයන් සමඟ සන්ධානගත
වීමටත්, විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් මිලදී ගැනීමටත් සිදු වී ඇත.
1989
මැතිවරණය පැවැත්වුණේ දකුණේද උතුරේද සන්නද්ධ කැරලි දෙකක් පවතින පසුබිමකය. එහිදී
ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකරුවන් විසින් ඡන්දය වර්ජනය කරන ලෙස මහජනයාට බල කර
සිටි අතර ඊට අවනත නොවූවන් ඝාතනය කොට බියවැද්දීම් සිදු කොට තිබුණි. රජයේ පාර්ශවය
නිල නොවන සන්නද්ධ කණ්ඩායම් යොදවා ඡන්ද පෙට්ටි පිරවූ බවට චෝදනා එල්ල වී තිබේ. 89’
දී ප්‍රේමදාස රජය ආසන 115 ක් දිනාගෙන බහුතර ආණ්ඩුවක් පිහිටවුයේ එවන් වාතාවරණයකදී ය.
2010 මහ මැතිවරණයේදී ආසන 144 ක අති බහුතරය සමඟ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට රාජපක්ෂ
රජයට අවස්ථාව ලැබුණේ 2009 දී උතුරේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා දකුණේ
ලද මහත් ජනප්‍රසාදය හේතුවෙනි. මෙවන් අහඹු අවස්ථාවකදී හැර අනාගතයේදී ද නිසැක වශයෙන්
පවතින ඡන්ද ක්‍රමය හරහා ස්ථාවර ආණ්ඩු බිහි නොවනු ඇත.
ස්ථාවර
ආණ්ඩුවක් ස්ථාපිත නොවීම සෑම අංශයකින්ම රටේ ඉදිරි ගමනට බලපෑම් කරයි. දේශපාලනය,
ජාතික ආරක්ෂාව යන අංශයන්හිදී මෙන්ම ආර්ථිකයටද ඒ ඔස්සේ එල්ල වන බලපෑම සුළුපටු නොවේ.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා නුසුදුසුම රටක් ලෙස හංවඩු ගැසීමට මෙකී
දේශපාලන අස්ථාවරත්වය ස්ථිර ලෙසම බලපා ඇති බව රහසක් නොවේ.
මැතිවරණය
සඳහා මුහුණ දෙන එක් පක්ෂයකයට ආසන 113 වඩා දිනාගනිමින් බහුතර ස්ථාවර ආණ්ඩුවක්
පිහිටුවීමට නොහැකි වීමෙන් මුහුණ දීමට සිදුවන තවත් අගතීන් කීපයකි. ආණ්ඩුව වර්ගවාදී
සුළු පක්ෂවල කේවල් කිරීම්වලට නතු වීම, සභාග පිහිටුවීමේදී ඇමති මණ්ඩලය අසීමාන්තික
ලෙස ඉහළ දැමීමට සිදු වීම, රජයක් ලෙස සෘජු තීරණ ගැනීමට නොහැකි වීම මේ අතර ප්‍රධාන
වේ.
සමානුපාතික
ඡන්ද ක්‍රමය ඔස්සේ ගොඩනංවන ලද මෙකී අස්ථාවර පාර්ලිමේන්තුවට බලය ලබා දීම හරහා සිදු
වන්නේ රට තව තවත් අස්ථාවර වීමයි. කුණු මාළු ගණනට විකිණෙන පාර්ලිමේන්තු ආසන අප දැක
තිබේ. එසේනම් සමානුපාතික ඡන්ද ක්‍රමය මේ අයුරින්ම නඩත්තු කරමින් විධායක ජනාධිපති
ධූරය අහෝසි කිරීම ඉතා වැරදි සහගත පියවරකි. දිනේෂ් ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් 2007
ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිසංස්කරණ පිලිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ යෝජනා
අනුව කේවළ සහ සමනුපාතික මිශ්‍ර ඡන්ද ක්‍රමයක් කරා ගමන් කිරීම වඩා ඉදිරිගාමී
පියවරක් විය හැකිය.
ඉන්දු
ලංකා ගිවිසුම හරහා අප මත බලෙන් පටවන ලද 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කරන ලද
පළාත් සභා ක්‍රමය නිසා විශාල මහජන මුදලක් නිකරුණේ නාස්ති වන බවට චෝදනා එල්ල වේ.
එසේම පළාත් සභාවලට 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නියම කරන ලද සම්පූර්ණ බලතල ලබා
දුනහොත් රට වෙනම පාලන ඒකක 8 කට බෙදී යාම වැළක්විය නොහැකිය.
13
වන ව්‍යවස්ථා සංශෝධනය හරහා කැඩී විසිරී යාමට නියමිතව තිබූ ලංකා ජනරජය එකට බැඳ තැබූ
රැහැන ලෙස ක්‍රියා කළේ විධායක ජනාධිපති ධූරයයි. 88’ ස්ථාපිත කළ ප්‍රථම උතුරු
නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති වූ වර්ධරාජා පෙරුමාල් එසේ පත් වී වැඩි දිනක් යන්නට
මත්තෙන් ස්වයං පාලනය ප්‍රකාශයට පත් කළ අයුරු සිහිපත් කරගත යුතුය. එම අවස්ථාවේදී
වහාම පළාත් සභාව විසිරුවා හැර හමුදාව යොදවා මධ්‍යම රජයට බලය පවරා ගැනීමට නිත්‍යානුකූල
හැකියාව ලැබුණේ ජනාධිපතිවරයා සතු විධායක බලතල තුළිනි.
පළාත්
සඳහා වෙනම පොලිස් හමුදාවක් පිහිටුවා ගැනීමට බලය දීමට ද, පළාතේ සමස්ත ඉඩම්වල අයිතිය
පළාත් ආණ්ඩුවට පැවරීමටද 13 වන සංශෝධනය හරහා කටයුතු කොට තිබේ. වර්තමානයේදී විධායක
ජනාධිපතිධූරයේ බලතල කප්පාදු කොට දුර්වල, මුදලට විකිණෙන පාර්ලිමේන්තුවට බලය පැවරීමට
පාලකයන් උත්සාහ කරන්නේ පළාත් සභා බලතල වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කරවාගැනීම
සඳහා ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව ඇතුළු මව්බිමේ සතුරන් උත්සාහ කරන පසුබිමකය.
විධායක
ජනාධිපතිධූරය අහෝසි කිරීම යන සටන්පාඨය පිටුදැකිය යුත්තක් නොවේ. එම ධූරයේ බලතල සිය
පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා වෙන අයුරු අප අතීතයේදී අත්දැක ඇත. එහෙත්
මේ නිශ්චිත අවස්ථාවේදී විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට වුවමනා නම් ඊට ප්‍රථමව
ඡන්ද ක්‍රමය සහ පළාත් සභා ක්‍රමය සංශෝධයනය කිරීම අනිවාර්ය කාරණයකි. ශක්තිමත්
කේන්ද්‍රගත රාජ්‍යක් අපේක්ෂා කරන සියලු දෙනාගේ ඒකායන පරමාර්ථය එයයි.

Comments
Post a Comment