Posts

Showing posts from 2018

සුමන්තිරන්ලාගේ කෙරුම්කාරකම

Image
2018.12.29 - ටීඑන්ඒ නිල නොලත් නායක ආබ්‍රහම් සුමන්තිරන්ගේ මාධ්‍ය සාකච්ඡාව. “මහින්ද රාජපක්ෂ පාර්ශවයේ කීප දෙනෙක් කියලා තියනවා නොවැම්බර් 07 වනදා ගෙන ඒමට තිබූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත නවත්වන්න තමයි මෙම ආණ්ඩු වෙනස සිදු කළේ කියලා. අපි ජාතික රජයක් සෑදීමට සහයෝගය ලබා දුන්නේ එක් අරමුණක් ඇතිව. එම අරමුණ ඉටු නොවන ආකාරයට තමයි ඔක්තෝම්බර් 26 වනදා වෙනසක් සිදු වුණේ. ඒකට අපි විරුද්ධව කතා කළා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය කඩ වෙනවා නම් එය මුලින්ම බල පාන්නේ දෙමළ ජනතාවට. මොකද අපි දේශපාලන විසඳුමක් සොයන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විවිධ බලයන් පළාත් සභාවලට ලබා දිය යුතුයි. මෙය මධ්‍යම රජය හා ආණ්ඩුකාරවරයා අත නොතිබිය යුතුයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් විය යුතුයි කියලයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් ව්‍යවස්ථාවක් සෑදීමේ කටයුතුවල නියැලෙනවා. පෙබරවාරි 04 වනදාට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්, අපිත් එකතු වෙලා හදපු කෙටුම්පතක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් නැති වෙලා ත...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී සිදු කළ තීරණාත්මක කතාව

Image
මන්ත්‍රී වුණත්, අගමැති වුණත්, නිකන් මහින්ද රාජපක්ෂ වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂම තමයි . මතක තියාගන්න ඒක. මට මේක ලොකු නෑ. එයාට ලොකුයි. මට ලොකු නෑ. මම මේකෙ ඉදලා තියනවා. ජනාධිපතිකම් කරලා තියනවා. අගමැතිකම් කරලා තියනවා. මේ අගමැති කම කියන එක ලොකුවක් නෙවෙයි මට. ඒක හින්දා හිතන්න එපා අගමැතිකමට මේ කතා කරනවා කියලා. මේක කජ්ජක් ද ? ගරු කථානායකතුමනි , පැවති ආණ්ඩුව විසිරුවල   ඊලඟ මහ මැතිවරණය තෙක් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවපු හේතු ජනාධිපතිතුමා පැහැදිලි කරලා තියෙනවා. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා වෙනකොට ජනතාව හිටියේ විශාල පීඩනයකින්.  ඉන්ධන මිල සූත්‍රය හා රුපියලේ කඩාවැටීම නිසා දිනෙන් දින වැඩිවෙන ජීවන වියදම , කිසිදාක අත්නොදුටු ආකාරයේ බදු බර , මහ බැංකු මංකොල්ලය නිසා දෙගුණයකින් වැඩි වුණු පොලී අනුපාතය , රටේ වරායවල් , ගුවන් තොටුපොලවල් , රජයට අයත් ලාබදායි ව්‍යාපෘති , ඇතුලු සියලු රජයේ දේපොල විදේශිකයන්ට විකිනීමට සැරසීම , ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට විකිනීමට නව නීති සැකසීම , විද්වතුන් හා දේශීය ව්‍යාපාරිකයන්ගේ මතය නොසලකා විදෙස් ගිවිසුම් වලට එළැඹීම , අයෝජකයන්ගෙන් මහා පරිමාන අල්ලස් ඉල...

කතානායකයෝ

Image
පසුගිය ඔක්තෝම්බර් 26 වන දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙස මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ධූරයට පත් කිරීම සමඟ ආරම්භ වූ දේශපාලන කුණාටුව තවමත් හමා යමින් පවතී. ඒ සම්බන්ධව විවිධ පාර්ශවයන් විවිධාකාර මතිමතාන්තර දක්වමින් සිටින අතරතුර කතානායක කරූ ජයසූරිය මහතා විසින් “පාර්ලිමේන්තුව තුල නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන් කටයුතු කරන බව” නිවේදනය කිරීම කෙරෙහි සියල්ලන්ගේම අවධානය යොමු විය. මේ අතර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ හිටපු කතානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා ප්‍රකාශ කොට සිටියේ “පාර්ලිමේන්තුවේ කතානායකවරයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවනත විය යුතු බවත් ව්‍යවස්ථාවේ කතානායක සතු බලතල ඇතුළත් අතර එය උල්ලංඝනය කිරීමක් සිදුවුවහොත් ලැබිය හැකි දඬුවම්ද අන්තර්ගත බවත් ය”. තවදුරටත් අදහස් දැක්වූ ලොකුබණ්ඩාර මහතා “මේ රට පාලනය කළ හිටපු ජනාධිපතිවරුන් පස්දෙනකු අත තිබූ මෙම ව්‍යවස්ථාමය බලය වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතුවද තිබෙන බව” කියා සිටියේ ය. කතානායක භූමිකාව පිළිබඳව මේ ආකාරයෙන් කතාබහට ලක් වෙද්දි ජාතික විශ්වවිද්‍යාල ...

ආයුබෝවන් විලේන්ද්‍රන්

Image
එස්.විලේන්ද්‍රන්ට එක රැයින් දේශප්‍රේමියෙකු වන්නට බැහැ. නමුත් ඔහු අද ඔහුගේ පක්ෂය අත හැරලා ඇවිත් ඉන්නෙ තනි පුද්ගලයෙකු විදියට. ඉතින් ඔහුව තනි නොකළ යුතුයි. ඕනෑම පුද්ගලයෙකුට පැමිණිය හැකි ලෙස සකස් වූ පුළුල් ජාතික ව්‍යාපාරයකින් පමණයි මේ රටට අනාගතය වෙත ගමන් කළ හැක්කේ. මහාචාර්ය නලින් වරක් ප්‍රකාශ කොට තිබුණා “රුවන්වැලි සෑය ළඟට ගිහිල්ල මේක මගේ උරුමය කියල කියන්න පුළුවන් ඕනම කෙනකුට මේ රට අයිතියි” කියලා. එය අමූලික සත්‍යක්. මම දකින ජාතික විමුක්ති අරගලයෙ සටන් පෙරමුණ තුළ බෙදුම්වාදය අතහැරපු දෙමළු, අන්තවාදය අතහැරපු හම්බයො, මූලධර්මවාදය අතහැරපු දෙවාගමිකයෝ කියන සියලු පාර්ශවයන් සිටිය යුතුයි. ඔවුන්ව ඒක රාශී කරලා පෙළ ගැස්වීමේ වගකීම සිංහලයන් වන අප සතුයි. අපි තවමත් ඒ වගකීම නිසි බරකින් අරගෙන නැහැ. දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරයෙක් මෛත්‍රී මහින්ද ආණ්ඩුවට එක් වීම පිළිබඳව අපෙන් ප්‍රශ්න කරන බොහෝ දෙනා කිසිදිනෙක දෙමළ සන්ධානයේ බෙදුම්වාදී ප්‍රතිපත්ති පිළිබඳව විවේචනයක් නොකරපු අය. අපි දෙමළ ජාතික සන්ධානයේ ජාතිවාදී ප්‍රතිපත්ති විවේචනය කරන විට මේ පිරිස් අපිව හැඳින්වූයේ ජාතිවාදය අවුස්සා දේශපා...

ශිෂ්ටත්වය වෙනුවෙන් සැබෑ මහජන මතය විමසා මහ ඡන්දයකට නොයන්නේ ඇයි

Image
එහාට මෙහාට ඔලු මාරු කරමින් මේ කරගෙන යන දේශපාලන බල සූදුව මට නම් ඉතා අප්‍රසන්න ජනකය. එසේම රනිල්, මංගල, රාජිත, පාඨලී, හකීම්, බදුර්දීන් ඇතුළු කුමන්ත්‍රණකරුවන් නඩය නැවත බලයට පත් වන්නේ නම් එය ඊටත් වඩා අප්‍රිය ජනකය. මේ තාක් කල් රනිල්ලා අපිට පෙන්වූ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රෙදි නැතුව පෙනී සිටි කොළඹ හතේ NGO කල්ලි දැන් කියන්නේ ශිෂ්ටත්වය සඳහා පාර්ලිමේන්තුව රැස් කරන ලෙසය. ඔවුන්ගේ ෆේස්බුක් බලකාය විසින් සමාජගත කිරීමට උත්සාහ කරන්නේද එයයි. බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් තානාපති කාර්‍යාල හරහා බලපෑම් කරන්නේද වහා පාර්ලිමේන්තුව රැස් කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසය. එහෙත් නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් අපට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේද? එහි ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති කමින් මෙතෙක් කල් පීඩා වින්දෝ අපි වෙමු. රට වෙනුවෙන් සටන් කළ සොල්දාදුවන් මිනීමරුවන් කරමින් ද, මිනීමරු ත්‍රස්තවාදීන් වීරයන් සේ සළකා වන්දි ගෙවීමට නියම කළේද මේ 15 වන පාර්ලිමේන්තුව තුළදීය. රටේ ජනතා ප්‍රශ්න හාස්‍යට ලක් වූයේද මේ පාර්ලිමේන්තුව තුළදීය. ෆෙඩරල් ව්‍යවස්ථාව ඉදිරිපත් කොට කඩිනමින් සම්මත කිරීමට පසුබිම සකස් කළේද මේ පාර...

සීතාම්බර පටක වස්තුව

Image
පවතින දේශපාලන වාතාවරණය හමුවේ නිරායාසයෙන් සිදු වී ඇති හෙළිදරව් වීම් කිහිපයකි. ඒ අතර ප්‍රජාතන්ත්‍රවාදය නම් සිතාම්බර පටකයෙන් සැරසී  රජකම් කළ පාලකයන්ගේ නිරුවත ද, ඒ නිරුවත දැක දැකත් එකී පාලකයන්ට ඔල්වරසන් නැගූ ප්‍රවේණි දාසයන්ගේ වහල් මනෝභාවය ද වෙති. මහ බැංකු මංකොල්ලය පිළිබඳව ආන්දෝලනාත්මක විවරණයක් කිරීමට නියමිතව තිබූ ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන විට, එදා පාර්ලිමේන්තුව කල් තබා රනිල්ව රැක ගත්තේ ද මේ ජනාධිපතිවරයාම ය. අද පාර්ලිමේන්තුව රැස් කොට ‘ප්‍රජාතන්ත්‍රවාදය’ සුරකින්නට යයි බණ දේශනා කරන විද්වතුන් එදා මෛත්‍රී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තබා රනිල් රැක ගනිද්දී එම පිළිවෙත අනුමත කරමින් හුරේ දැමූවෝ වූහ. නැතහොත මුණිවත රැක්කෝ වූහ. එදා ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙතට එරෙහිව දහස් ගණන්, ලක්ෂ ගණන් ශිෂ්‍යන් සහ පුරවැසියන් කොළඹ අගනගරයේ උද්ඝෝෂණ කරන විට පාරවල් තිබෙන්නේ උද්ඝෝෂණ කරන්නට නොවන බවත්, උද්ඝෝෂකයන්ට කකුල් කැඩෙන්නට පහර දිය යුතු බවත් සමාජ ජාල ඔස්සේ අපට පහදා දුන් ලිබරල්වාදියෝ අද රනිල්ගේ බලය රැක ගැනීම සඳහා දහස් ගණනින් කොළඹට පැමිණෙන ලෙසට මහජනයාට ආය...

අප තෝරාගෙන ඇත්තේ අසීරු මාවතයි

Image
තවත් අවුරුද්දක් හෝ ඊට ආසන්න කාලයක් කල් මරමින් සිට මහ මැතිවරණයකින් ඉතා පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට මහින්දලාට ඉඩකඩ තිබිණි. එහෙත් ඒ අතරතුර කාලය තුළ රනිල් ප්‍රමුඛ පිරිස සිදු කරන්නට නියමිතව තිබූ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉඩදී බලාසිටීම අතිශය හානිදායකය. තමන් හට මහ ඡන්දයකින් නැවත බලය ලබා ගැනීමට නොහැකි බව රනිල්ලා දැන සිටියේ ය. ඒ අනුව කෙතරම් මහජන විරෝධය මතු වුණත් ඉදිරි මාස කීපයේදී නිසැක වශයෙන්ම ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒමටත්, එට්කා අත්සන් කිරීමටත්, ජාතික සම්පත් විදේශයන්ට විකිණීම තව දුරටත් වේගවත් කිරීමටත් රනිල්ලා සැළසුම් කොට තිබිණි. පසුගිය කාලවකවානුවේදී මෛත්‍රී සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඇති වූ සාකච්ඡා වල කොළ එළි දැල්වෙමින් තිබියදී මහින්ද විසින් අගමැති තනතුර භාරගත යුතු බවට ජාතික කඳවුරේ ජ්‍යෙෂ්ට නායකයන් දිගින් දිගටම ප්‍රකාශ කළේය. රනිල් අගමැති තනතුරෙන් පහ නොකොට ඒ ක්‍රියාත්මක වෙමින් පැවති (තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින) දේශද්‍රෝහී වැඩපිළිවෙල කිසිලෙසකින් ආපසු හැරවිය නොහැක. ඒ අනුව මහින්ද අගමැති තනතුර භාර ගැනීම පවතින තත්වය අනුව කේන්ද්‍රීය අවශ්‍යතාවයක් විය. දැන් එම පියවර සාර්ථකය. එහෙත් ඉන් පසු,...

රජු වෙනුවෙන් නොව රාජ්‍යත්වය වෙනුවෙන් සටන් කළ වෙල්ලස්සේ සබුද්ධික සටන්කාමියා - බූටාවේ රටේරාළ

Image
ජාතියේ උත්තුංග පිතෘවරයෙකුගේ සැමරුම - පැතුම් රණසිංහ - Link to PDF කොටබෝව ඉංග්‍රීසි වධකාගාරය ඉදිරිපිටදී බූටාවේ රටේරාල එල්ලා මරා දමා 2018 ඔක්තෝම්බර් 20 දිනට හරියටම සියවස් දෙකකි. “බූටාවේ” යනු, ධවල අධිරාජ්‍යයේ ම්ලේච්ඡ ආක්‍රමණිකයන්ට එරෙහිව ඌව වෙල්ලස්ස ගිනියම් කළ මුල්ම ගිනි පුපුරයි. ඔහු, රාජ ප්‍රතිරූපකයෙකු ඉදිරියට තබා රජු වෙනුවෙන් නොව රාජ්‍යත්වය වෙනුවෙන් සටන් කළ සබුද්ධික විමුක්තිකාමියෙකි. වධ කඳවුරකදී පවා සිය සටන් සඟයන් පාවා නොදුන් ජාතික විමුක්ති අරගලයේ පරමාදර්ශයකි. ජාතියේ පිතෘත්වය දේශපාලන වුවමනා එපාකම් මත සිල්ලර ආභරණයක් වී තිබෙන පසුබිමක බූටාවේ රටේරාලලා ගැන මතකය නැවතත් අවදි කර ගැනීම කාලෝචිත අවශ්‍යතාවයකි. එවන් වීරයන්ගේ ජිවන සිහිවටන අදටත් ජාතිමාමක හදවත් තුළ ආස්වාදජනක මතකයකි. වෙල්ලස්සේ පැරැන්නන්ගේ මතකයන් අනුව බූටාවේ රටේරාලගේ නිජබිම වූ බූටාව ගම්මානය පිහිටා තිබෙන්නට ඇත්තේ බිබිල-කොටගම , කොටේරවෙල , බදුලුගම්මන යන ගම්මානයන් ආශ්‍රිතවය. ඉංග්‍රීසින් එහි සිදුකළ සංහාරයේ ප්‍රතිපලයක් ලෙස අද එහි බූටාව නමින් ගම්මානයක් තිබූ බවටවත් සාක්ෂියක් නැත. මෙලෙසම ඌව වෙල්ලස්සේ බොහෝ ජනාවාසයන් උඩරට මහ ...

සරසවියේ ජාතිකවාදය

Image
Link to PDF පේරාදෙණිය සරසවියේ ‘මාගේ දේශය අවදි කරනු මැන කලා උළෙලට’ සමගාමීව පවත්වන්න සැළසුම් කරපු ‘විකල්ප’ නම් සංවිධානයක ඡායාරූප ප්‍රදර්ශනයක් ශිෂ්‍යන් අතුරින්ම පැන නැගුණු විරෝධතාවයක් නිසා අවලංගු කරන්නට සිදු වෙලා තිබෙනවා. මේ පිළිබඳව අන්තරේ හිටපු කැඳවුම්කරුවෙකු වන නජිත් ඉන්දික සහෝදරයාගෙ ලියමනක් දකින්න ලැබුණා (එම ලිපිය මේ ලියමනෙහි අග අමුණා ඇත). 2014 දි සරසවි ප්‍රවේශය ලබපු අපිට අපේ උඩ බැජ්වල ශිෂ්‍ය නායකයො අපෙන් වසන් කරපු, අපේ සමකාලීන ශිෂ්‍ය නායකයන් පිළිගන්න මැලි වුණු, අපෙන් පසුව ආපු බැජ්වලින් බිහිවුණු නායකයො නොදන්න (හිතාමතා අමතක කරන) ඉතිහාසයකුත් නජිත් සහෝදරයා ඒ ලිපියෙන් විවරණය කරනවා. නජිත් දකින විදියට ලාංකේය සරසවි ශිෂ්‍ය ප්‍රජාව තුළ අද වෙනතුරුම ශේෂව පවතින ජාතිකවාදී අභිලාෂයන්ට හේතුව, ජනතා විමුක්ති පෙරමුණ 80 දශකයේ පටන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා, මව්බිම සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය හරහා ශිෂ්‍ය ව්‍යාපාරයට කරපු බලපෑම. නජිත් එය ඉදිරිපත් කරන්නේ ඔවුන් (ජවිපෙ, පෙරටුගාමී ඇතුළු වාම පක්ෂ) වෙතම ඉදිරිපත් කරගන්න ස්වයං විවේචනයක් විදියට. ඔහු කියන විදියට 80 දශකයේ ජවිපෙ ඉන්දියානු ව්‍යප්තවාදයට එර...