ශිෂ්ටත්වය වෙනුවෙන් සැබෑ මහජන මතය විමසා මහ ඡන්දයකට නොයන්නේ ඇයි
එහාට මෙහාට ඔලු මාරු කරමින් මේ කරගෙන යන දේශපාලන බල සූදුව මට නම් ඉතා අප්‍රසන්න ජනකය. එසේම රනිල්, මංගල, රාජිත, පාඨලී, හකීම්, බදුර්දීන් ඇතුළු කුමන්ත්‍රණකරුවන් නඩය නැවත බලයට පත් වන්නේ නම් එය ඊටත් වඩා අප්‍රිය ජනකය. මේ තාක් කල් රනිල්ලා අපිට පෙන්වූ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රෙදි නැතුව පෙනී සිටි කොළඹ හතේ NGO කල්ලි දැන් කියන්නේ ශිෂ්ටත්වය සඳහා පාර්ලිමේන්තුව රැස් කරන ලෙසය. ඔවුන්ගේ ෆේස්බුක් බලකාය විසින් සමාජගත කිරීමට උත්සාහ කරන්නේද එයයි. බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් තානාපති කාර්‍යාල හරහා බලපෑම් කරන්නේද වහා පාර්ලිමේන්තුව රැස් කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසය. එහෙත් නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් අපට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේද? එහි ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති කමින් මෙතෙක් කල් පීඩා වින්දෝ අපි වෙමු. රට වෙනුවෙන් සටන් කළ සොල්දාදුවන් මිනීමරුවන් කරමින් ද, මිනීමරු ත්‍රස්තවාදීන් වීරයන් සේ සළකා වන්දි ගෙවීමට නියම කළේද මේ 15 වන පාර්ලිමේන්තුව තුළදීය. රටේ ජනතා ප්‍රශ්න හාස්‍යට ලක් වූයේද මේ පාර්ලිමේන්තුව තුළදීය. ෆෙඩරල් ව්‍යවස්ථාව ඉදිරිපත් කොට කඩිනමින් සම්මත කිරීමට පසුබිම සකස් කළේද මේ පාර...