Posts

පළාත් සභා ක්‍රමය සහ සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් නොකොට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට එරෙහි විය යුත්තේ ඇයි

Image
 -පැතුම් රණසිංහ- link to pdf සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මේ වන විට මහ මැතිවරණ 07 ක් පවත්වා ඇති අතර එම මැතිවරණවලින් පාර්ලිමේන්තු ආසන 113 ට වඩා දිනාගනිමින් ස්ථාවර රජයන් බිහි කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ දෙවතාවකදී පමණි. 1989 මහ මැතිවරණයේදී එජාපයේ ප්‍රේමදාස රජය ආසන 115 ක් ලබාගනිමින් ද, 2010 දී එජනිසයේ රාජපක්ෂ රජය ආසන 144 ක් ලබාගනිමින් ද ස්ථාවර රජයන් පිහිටවූ අතර අනෙක් සෑම අවස්ථාවකදීම රජයන් පිහිටුවීම සඳහා වර්ගවාදී පක්ෂයන් සමඟ සන්ධානගත වීමටත්, විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් මිලදී ගැනීමටත් සිදු වී ඇත. 1989 මැතිවරණය පැවැත්වුණේ දකුණේද උතුරේද සන්නද්ධ කැරලි දෙකක් පවතින පසුබිමකය. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකරුවන් විසින් ඡන්දය වර්ජනය කරන ලෙස මහජනයාට බල කර සිටි අතර ඊට අවනත නොවූවන් ඝාතනය කොට බියවැද්දීම් සිදු කොට තිබුණි. රජයේ පාර්ශවය නිල නොවන සන්නද්ධ කණ්ඩායම් යොදවා ඡන්ද පෙට්ටි පිරවූ බවට චෝදනා එල්ල වී තිබේ. 89’ දී ප්‍රේමදාස රජය ආසන 115 ක් දිනාගෙන බහුතර ආණ්ඩුවක් පිහිටවුයේ එවන් වාතාවරණයකදී ය. 2010 මහ මැතිවරණයේදී ආසන 144 ක අති බහුතරය සමඟ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට රාජපක්ෂ රජයට අවස්ථාව ...

ලෝක බලවතුන්ට වැදුණු පාරවල් 05 ක්

Image

රනිල් එජාප නායකත්වයට ආ හැටි | Ranil Wickramasinghe and UNP leadership

Image
Watch Sinhala educational videos & get more updates... Visit our blog :- https://slxcom.blogspot.com/ Join our Facebook page :- https://www.facebook.com/SL_x-3745056... Follow US twitter :- SL_x@SLx25122664  Follow US instagram :- https://www.instagram.com/sl_xcom/ 1993.04.23 දා එජාපයේ නායකත්වයට සියලු සුදුසුකම් සපුරා සිටි ලලිත් ඇතුලත්මුදලි ඝාතනයට ලක් වන්නේ අභිරහස් තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින්. ලලිත් ඇතුලත්මුදලි ඝාතනය සම්බන්ධයෙන් මුළු රටේම සැකය යොමු වුණේ ජනාධිපති ප්‍රේමදාස දෙසට. ලලිත්ගේ ඝාතනයෙන් කීප දිනෙකට පසුව ලලිත් ඝාතනයට ලක් වූ කිරුළපනේදී ම රැළියක් ඇමතූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා තමා ලලිත්ව ඝාතනය කළ බවට චෝදනා කරමින් තමාගේ චරිතය ඝාතනය නොකරන ලෙසටත් එළඹෙන කම්කරු දිනයේදී ලලිත්ගේ ඝාතකයන් රට හමුවේ හෙළිදරව් කරන බවටත් ප්‍රතිඥා ලබා දුන්නා. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එම ප්‍රතිඥාව ඉටු කිරීමට නොහැකි වූයේ ඔහුගේ හෙළිදරව්ව සිදු කිරීමට නියමිතව තිබූ දිනයේදීම ඔහුවද ඝාතනයට ලක් වූ බැවිනි.  ප්‍රේමදාස ඝාතනයෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධූරය සඳහා වයෝවෘද්ධ අගමැති ඩී.බී විජේතුංග ප...

සුමන්තිරන්ලාගේ කෙරුම්කාරකම

Image
2018.12.29 - ටීඑන්ඒ නිල නොලත් නායක ආබ්‍රහම් සුමන්තිරන්ගේ මාධ්‍ය සාකච්ඡාව. “මහින්ද රාජපක්ෂ පාර්ශවයේ කීප දෙනෙක් කියලා තියනවා නොවැම්බර් 07 වනදා ගෙන ඒමට තිබූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත නවත්වන්න තමයි මෙම ආණ්ඩු වෙනස සිදු කළේ කියලා. අපි ජාතික රජයක් සෑදීමට සහයෝගය ලබා දුන්නේ එක් අරමුණක් ඇතිව. එම අරමුණ ඉටු නොවන ආකාරයට තමයි ඔක්තෝම්බර් 26 වනදා වෙනසක් සිදු වුණේ. ඒකට අපි විරුද්ධව කතා කළා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය කඩ වෙනවා නම් එය මුලින්ම බල පාන්නේ දෙමළ ජනතාවට. මොකද අපි දේශපාලන විසඳුමක් සොයන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විවිධ බලයන් පළාත් සභාවලට ලබා දිය යුතුයි. මෙය මධ්‍යම රජය හා ආණ්ඩුකාරවරයා අත නොතිබිය යුතුයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් විය යුතුයි කියලයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් ව්‍යවස්ථාවක් සෑදීමේ කටයුතුවල නියැලෙනවා. පෙබරවාරි 04 වනදාට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්, අපිත් එකතු වෙලා හදපු කෙටුම්පතක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් නැති වෙලා ත...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී සිදු කළ තීරණාත්මක කතාව

Image
මන්ත්‍රී වුණත්, අගමැති වුණත්, නිකන් මහින්ද රාජපක්ෂ වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂම තමයි . මතක තියාගන්න ඒක. මට මේක ලොකු නෑ. එයාට ලොකුයි. මට ලොකු නෑ. මම මේකෙ ඉදලා තියනවා. ජනාධිපතිකම් කරලා තියනවා. අගමැතිකම් කරලා තියනවා. මේ අගමැති කම කියන එක ලොකුවක් නෙවෙයි මට. ඒක හින්දා හිතන්න එපා අගමැතිකමට මේ කතා කරනවා කියලා. මේක කජ්ජක් ද ? ගරු කථානායකතුමනි , පැවති ආණ්ඩුව විසිරුවල   ඊලඟ මහ මැතිවරණය තෙක් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවපු හේතු ජනාධිපතිතුමා පැහැදිලි කරලා තියෙනවා. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා වෙනකොට ජනතාව හිටියේ විශාල පීඩනයකින්.  ඉන්ධන මිල සූත්‍රය හා රුපියලේ කඩාවැටීම නිසා දිනෙන් දින වැඩිවෙන ජීවන වියදම , කිසිදාක අත්නොදුටු ආකාරයේ බදු බර , මහ බැංකු මංකොල්ලය නිසා දෙගුණයකින් වැඩි වුණු පොලී අනුපාතය , රටේ වරායවල් , ගුවන් තොටුපොලවල් , රජයට අයත් ලාබදායි ව්‍යාපෘති , ඇතුලු සියලු රජයේ දේපොල විදේශිකයන්ට විකිනීමට සැරසීම , ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට විකිනීමට නව නීති සැකසීම , විද්වතුන් හා දේශීය ව්‍යාපාරිකයන්ගේ මතය නොසලකා විදෙස් ගිවිසුම් වලට එළැඹීම , අයෝජකයන්ගෙන් මහා පරිමාන අල්ලස් ඉල...

කතානායකයෝ

Image
පසුගිය ඔක්තෝම්බර් 26 වන දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙස මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ධූරයට පත් කිරීම සමඟ ආරම්භ වූ දේශපාලන කුණාටුව තවමත් හමා යමින් පවතී. ඒ සම්බන්ධව විවිධ පාර්ශවයන් විවිධාකාර මතිමතාන්තර දක්වමින් සිටින අතරතුර කතානායක කරූ ජයසූරිය මහතා විසින් “පාර්ලිමේන්තුව තුල නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන් කටයුතු කරන බව” නිවේදනය කිරීම කෙරෙහි සියල්ලන්ගේම අවධානය යොමු විය. මේ අතර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ හිටපු කතානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා ප්‍රකාශ කොට සිටියේ “පාර්ලිමේන්තුවේ කතානායකවරයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවනත විය යුතු බවත් ව්‍යවස්ථාවේ කතානායක සතු බලතල ඇතුළත් අතර එය උල්ලංඝනය කිරීමක් සිදුවුවහොත් ලැබිය හැකි දඬුවම්ද අන්තර්ගත බවත් ය”. තවදුරටත් අදහස් දැක්වූ ලොකුබණ්ඩාර මහතා “මේ රට පාලනය කළ හිටපු ජනාධිපතිවරුන් පස්දෙනකු අත තිබූ මෙම ව්‍යවස්ථාමය බලය වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතුවද තිබෙන බව” කියා සිටියේ ය. කතානායක භූමිකාව පිළිබඳව මේ ආකාරයෙන් කතාබහට ලක් වෙද්දි ජාතික විශ්වවිද්‍යාල ...

ආයුබෝවන් විලේන්ද්‍රන්

Image
එස්.විලේන්ද්‍රන්ට එක රැයින් දේශප්‍රේමියෙකු වන්නට බැහැ. නමුත් ඔහු අද ඔහුගේ පක්ෂය අත හැරලා ඇවිත් ඉන්නෙ තනි පුද්ගලයෙකු විදියට. ඉතින් ඔහුව තනි නොකළ යුතුයි. ඕනෑම පුද්ගලයෙකුට පැමිණිය හැකි ලෙස සකස් වූ පුළුල් ජාතික ව්‍යාපාරයකින් පමණයි මේ රටට අනාගතය වෙත ගමන් කළ හැක්කේ. මහාචාර්ය නලින් වරක් ප්‍රකාශ කොට තිබුණා “රුවන්වැලි සෑය ළඟට ගිහිල්ල මේක මගේ උරුමය කියල කියන්න පුළුවන් ඕනම කෙනකුට මේ රට අයිතියි” කියලා. එය අමූලික සත්‍යක්. මම දකින ජාතික විමුක්ති අරගලයෙ සටන් පෙරමුණ තුළ බෙදුම්වාදය අතහැරපු දෙමළු, අන්තවාදය අතහැරපු හම්බයො, මූලධර්මවාදය අතහැරපු දෙවාගමිකයෝ කියන සියලු පාර්ශවයන් සිටිය යුතුයි. ඔවුන්ව ඒක රාශී කරලා පෙළ ගැස්වීමේ වගකීම සිංහලයන් වන අප සතුයි. අපි තවමත් ඒ වගකීම නිසි බරකින් අරගෙන නැහැ. දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරයෙක් මෛත්‍රී මහින්ද ආණ්ඩුවට එක් වීම පිළිබඳව අපෙන් ප්‍රශ්න කරන බොහෝ දෙනා කිසිදිනෙක දෙමළ සන්ධානයේ බෙදුම්වාදී ප්‍රතිපත්ති පිළිබඳව විවේචනයක් නොකරපු අය. අපි දෙමළ ජාතික සන්ධානයේ ජාතිවාදී ප්‍රතිපත්ති විවේචනය කරන විට මේ පිරිස් අපිව හැඳින්වූයේ ජාතිවාදය අවුස්සා දේශපා...