Posts

Showing posts from August, 2018

තුමිදු දොඩම්තැන්න බබෙක් ද ? නැත්නම් අපි බබ්බු ද ?

Image
Link to PDF   -පැතුම් රණසිංහ- බුදුන්ගේ රස්තියාදුව, නිහොන් සැප ලැබේවා, තරුවන් සරණයි යන කලා නිර්මාණ බව කියන ඒවා පසුගියදා රජය විසින් වාරණය කරනු ලැබීය. ඊට විරෝධය පැමිණ උපුල් සන්නස්ගලගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට තුමිඳු දොඩන්තැන්න ද සහභාගී විය. එහිදී ඔහු දැක්වූ අදහස් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවේචනයට ලක් විය. එම විවේචන සාධාරණිකරණය කරමින් අද දින දොඩන්තැන්න විසින් පහත ලියවිල්ල සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණි. ඒ මෙසේය ජාති ද්‍රෝහියෙකු , බුද්ධාගම විනාශ කරන නරැමයෙකු ලෙස මා අමතන මිතුරනි , ඔබ මගේ රංගනය රස විදි නිසාත් , රංගන ශිල්පියෙකු ලෙස බෙහෙවින් ආදරය කල අතර ඔබට අනුව , ඔබ කැමති පරිදි , මම ජීවිතය ගත නොකළ නිසා දැන් ඔබ මට බැන වදී. මට එය තේරුම් ගත හැක. ආණ්ඩුව විසින් මේ කරමින් සිටින '' කලාව වාරණයට '' විරුද්ධ වීම වරදක් ලෙස ඔබ දකියි. මට එහි වරදක් නැත. මම දැන් ද එය කියමි. ඉදිරියේද ඒ වෙනුවෙන් පෙනී සිටිමි. මම පෙනී සිටියේ ඔබේ ගෞරවණිය අයිතිය වෙනුවෙනි.එලෙසම මට මේ වාරණය විහිළුවක් බව එතැනදි මම කී බව ඔබට මතක ඇත. මේ විහිළුව ඉතා භයානක එකකි. අපි ඒ දෙස හොදින් බ...

ආර්ථික ඝාතකයන්ට පාවා දෙන රටක ආර්ථික සුක්කානම : බදු ප්‍රතිපත්තිය

Image
-පැතුම් රණසිංහ- Link to PDF 2017 අංක 24 දරණ නව දේශීය ආදායම් පනත මෙම වසරේ අප්‍රේල් 01 දිනෙන් ආරම්භ වන මූල්‍ය වර්ෂයේ සිට බලාත්මකය. 1932 ආදායම් බදු ආඥා පනතේ පටන් 2006 දේශීය ආදායම් පනත දක්වා විටින් විට කිහිපවරක් නව ආදායම් බදු පනත් හඳුවාදෙන ලදි. එහෙත් ඒ සියල්ලටම වඩා දැඩි ආන්දෝලනයකට තුඩු දුන් 2017 දේශීය ආදායම් පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 10 කට වැඩි ගණනක් විවිධ පාර්ශවයන් විසින් පවරා තිබුණි. අවසානයේදී පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී උක්ත බදු පනත පාර්ලිමේන්තුවේ සම්මත වූයේ සංශෝධන සහිතවය. නව බදු පනත බලාත්මක වී සිව් මසක් ඉක්ම යාමටත් මත්තෙන් ඊට එරෙහිව එයින් බලපෑමට ලක්වන විවිධ පාර්ශවයන් විවිධ ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටී. මේ මස මුල් සතියේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කළ වැඩ වර්ජනයට නව බදු පනත ඔස්සේ වෛද්‍යවරුන්ගේ බදු වැඩිවීමද හේතු වී තිබුණි. තවත් වෘත්තීය සමිති ගණනාවක් ඉදිරියේදී මෙම බදු පනතට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම පිණිස සංවිධානය වෙමින් සිටී. මේ අතර මාලනී ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ ආදී ප්‍රවීනතම කලාකරුවන් අනුශාසකත්වය දරණ, සුදත් රෝහණ මහතා සභාපතීත්වය දරණ ...

මඩකරියන්ගේ සමනළ පාරාදීසය : ෆේස්බුක්

Image
Link to PDF - පැතුම් රණසිංහ - 'සැබෑ' 2018 අගෝස්තු 12 කලාපය දිනපතා ෆේස්බුක් ඔස්සේ අලුත් අලුත් මාතෘකා සමාජගත කරයි. මෙය රටේ දැවෙන ප්‍රශ්න අමතක කරවීමේ සියුම් කලාවක් වශයෙන් ද භාවිතා කෙරෙයි. ඉමක් කොනක් නැති කැලෑ පත්තර ද විවිධාකාර දේශපාලන අරමුණු සඳහා එක් ක්ෂණයකින් ලක්ෂ ගණනක පිරිසකට බෙදා හැරීමට ෆේස්බුක් මහෝපකාරී වී තිබේ. ඒ අතර තමා විසින්ම තමාට මඩ ගසා ගනිමින් ප්‍රසිද්ධිය සොයා යෑමට උත්සාහ කරන මානසික ආබාධිතයන්ද නැතුවාම නොවේ. කෙසේ වෙතත් රටක රජයකට, නීතියකට හෝ කිසිඳු පොදු සාරධර්මයක් ඔස්සේ පාලනය කළ නොහැකි ෆේස්බුක් දෙපැත්ත කැපෙන ආයුධයකි.    ආසන්නතම සිද්ධිය වූයේ මහරගම නගරසභාවේ සභාපතිවරයා තමන්ට ‘සර්’ ලෙස ආමන්ත්‍රණය කරන්නැයි නියෝග කරමින් සභාපති කාර්යාලය ඉදිරිපස ප්‍රදර්ශනය කළ බව කියන දැන්වීමක් ෆේස්බුක් හරහා හුවමාරු වීමයි.  ඇසුරු සැනකින් එම පුවත මහරගම සභාපතිවරයා විසින් ප්‍රදර්ශනය කළ බව කියන නියෝගයේ ඡායාරූපයක් ද සමඟ ෆේස්බුක් අඩවිය පුරා බෙදා හැරිණි. එසේ බෙදා හැරිය අය අතර බුද්ධි කලම්භන සංවාද වල යෙදෙන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, නිදහස් මාධ්‍යවේදීන්, සමාජ ජාල ක්‍රියාකාරීන්...

රතන හිමියන්ගේ හෘධ සාක්ෂිය කියන තරම් පිවිතුරු ද ?

Image
- පැතුම් රණසිංහ - 'සැබෑ' 2018 අගෝස්තු 05 කලාපය ( Link to PDF) පළාත් සභා ඡන්දය, මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය එක පෙළට පැමිණීමට නියමිතය. ලාංකේය දේශපාලන භූමිය පුරා දශක 6 ක පටන් අත්දකිමින් සිටින ඡන්ද ගුණ්ඩු වඩාත් සක්‍රීය ලෙස ඉදිරි මාස කිහිපය තුළ දෘශ්‍යමාන වනු ඇත. එසේම එදාට වඩා අද ඡන්දදායකයා ක්‍රම ක්‍රමයෙන් තමන් සතු විය යුතු සබුද්ධික බව හිමිකරගනිමින් සිටින බවක් ද හැඟී යයි. එදා මෙන් ක්ෂණික පිල් මාරු සිදු කිරීම අද දේශපාලඥයින්ට පහසු නැත. ජනතාව සීරුවෙනි. 2015 ජනවාරි 08 දේදුණු විප්ලවයේ පාර්ශවකරුවන් අතර ජාතිකත්වයේ සංකේතය වන් වූ අතුරලියේ රතන හාමුදුරුවෝ තමන් වහන්සේට පිරිනමා තිබූ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක ධූරය අත්හරින බව ප්‍රකාශ කළේ ඉකුත් සතියේදී ය. එසේම “වැරදි මිනිස්සුන්ට රට භාර දීලා අපි හිඟන්නෝ වගේ බලන් ඉන්නවා” යනුවෙන් උන්වහන්සේ සිදු කළ ප්‍රකාශයක් ද මාධ්‍ය මගින් වාර්තා කොට තිබුණි. රතන හාමුදුරුවන්ලා එක් වී රට භාර දුන් වැරදි මිනිසුන් කවුද ? එසේ වැරදි මිනිසුන්ට රට භාර දී හිඟන්නන් මෙන් බලාසිටින ‘රතන හිමියන් ඇතුළු අපි’ කවුද යන්න විවරණය කර ගැනීමට පසුගිය දශක දෙකේ ශ්‍රී ලංකා දේශපාලන...