ථෙරවාද භික්ෂු කතිකාව යළිත් කරළියට
-පැතුම් රණසිංහ- සැබෑ 2018 ජූලි 29 Link to PDF 2015 ජනාධිපතිවරණයෙන් පසුව බිහිවූ දේදුණු විප්ලවකරුවන්ගේ රජයේ කඩිනම් ව්‍යාපෘතියක් වූ ‘ථෙරවාද භික්ෂු කතිකාවත් පනත’ අලුත් වටයකින් නැවතත් කරළියට ගෙන එමින් තිබේ. වර්තමාන බුද්ධ ශාසන අමාත්‍යවරයා වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දැන් එම කාර්යයට අත ගසා ඇත. 2015 දී මෙම පනත මුලින්ම ගෙන එන විට බුද්ධ ශාසන අමාත්‍ය ධූරය දැරුවේ වත්මන් කතානායක කරූ ජයසූරිය මහතා ය. ඉන්පසුව බුද්ධ ශාසන අමාත්‍ය ධූරයට විජේදාස රාජපක්ෂ මහතා පත් වූ අතර ඔහුද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැක්වූයේ දැඩි උනන්දුවකි. ගාමිණී ජයවික්‍රම පෙරේරා යනු මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ කැබිනට්ටුවේ තෙවන බුද්ධ ශාසන අමාත්‍යවරයා ය. මීට වසර තුනකට පෙර ‘ථෙරවාද භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත’ ආණ්ඩුව විසින් ගෙන ආ අවස්ථාවේදී පිවිතුරු හෙළ උරුමෙයේ ශාසනික ලේකම් බියගම සුසීල හිමි සහ නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව ඇතුළු තිදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කරන ලදි. ප‍්‍රියසාත් ඩෙප් , ඊවා වනසුන්දර සහ සිසිර ද ආබෲ යන ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවා තිබුණි. මේ පිළිබඳව පිවිතුරු හ...