පාර්ලිමේන්තුව ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් අභියස ?
-පැතුම් රණසිංහ- සැබෑ - 2018 සැප්තැම්බර් 16 Link to PDF පසුගිය සැප්තැම්බර් 05 වනදා ජවිපෙ විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ විජිත හේරත් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙනි. ජනබලය කොළඹට නම් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ආණ්ඩු විරෝධී රැලියද පැවැත්වුණේ එදිනමය. එබැවින් එදින 20 ට එරෙහිව දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිසිවෙකු සභාවේ නොසිටියේ ය. එසේම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන ජනමාධ්‍ය අවධානය යොමු වූයේද මද වශයෙනි. ජවිපෙ විසින් යෝජනා කරන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මේ වන විට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන පාර්ශවයන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කර ඇත. නීතිඥ කනිෂ්ක විතාරණ මහතාගේ මතය වන්නේ මෙම යෝජනා හරහා දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය මගින් ජනතාවට ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා පවරා ඇති පරමාධිපත්‍ය බලය ජනතාවගෙන් ඉවත්වන නිසා පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරය හෝ ...