අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී සිදු කළ තීරණාත්මක කතාව
මන්ත්‍රී වුණත්, අගමැති වුණත්, නිකන් මහින්ද රාජපක්ෂ වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂම තමයි . මතක තියාගන්න ඒක. මට මේක ලොකු නෑ. එයාට ලොකුයි. මට ලොකු නෑ. මම මේකෙ ඉදලා තියනවා. ජනාධිපතිකම් කරලා තියනවා. අගමැතිකම් කරලා තියනවා. මේ අගමැති කම කියන එක ලොකුවක් නෙවෙයි මට. ඒක හින්දා හිතන්න එපා අගමැතිකමට මේ කතා කරනවා කියලා. මේක කජ්ජක් ද ? ගරු කථානායකතුමනි , පැවති ආණ්ඩුව විසිරුවල ඊලඟ මහ මැතිවරණය තෙක් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවපු හේතු ජනාධිපතිතුමා පැහැදිලි කරලා තියෙනවා. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා වෙනකොට ජනතාව හිටියේ විශාල පීඩනයකින්. ඉන්ධන මිල සූත්‍රය හා රුපියලේ කඩාවැටීම නිසා දිනෙන් දින වැඩිවෙන ජීවන වියදම , කිසිදාක අත්නොදුටු ආකාරයේ බදු බර , මහ බැංකු මංකොල්ලය නිසා දෙගුණයකින් වැඩි වුණු පොලී අනුපාතය , රටේ වරායවල් , ගුවන් තොටුපොලවල් , රජයට අයත් ලාබදායි ව්‍යාපෘති , ඇතුලු සියලු රජයේ දේපොල විදේශිකයන්ට විකිනීමට සැරසීම , ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට විකිනීමට නව නීති සැකසීම , විද්වතුන් හා දේශීය ව්‍යාපාරිකයන්ගේ මතය නොසලකා විදෙස් ගිවිසුම් වලට එළැඹීම , අයෝජකයන්ගෙන් මහා පරිමාන අල්ලස් ඉල...