Posts

Showing posts from June, 2018

ලාංකේය දේශපාලනයේ සැඟවූ ට්‍රෝජන් අශ්වයා හෙළ උරුමයද ?

Image
2004 මහ මැතිවරණයට හෙළ උරුමය විසින් දියත් කළ ප්‍රචාරණ ව්‍යාපෘතියේදී ඔවුන් මහජනයාගෙන් ඉල්ලා සිටියේ "රට දැය සමය වෙනුවෙන් දිවියේ එක්‌වරක්‌" තමන්ට ඡන්දය පාවිච්චි කරන ලෙසයි. නිදහසින් පසු පත් වූ ආණ්ඩුවලින් සිය ජාතික අභිලාෂයන් ඉටු නොවුණ බව දුටු මධ්‍යම පාන්තික සිංහල බෞද්ධයන් විශාල ප්‍රමාණයක් මේ අනුව නව ජාතික ප්‍රවණතාවක් වෙනුවෙන් සැක හැර ඡන්දය පාවිච්චි කරන්නට ඇත. එසේ එක්වරක් ඡන්දය ඉල්ලා දේශපාලනයෙන් ඉවත්වීමට ශුද්ධ වූ පොරොන්දු දුන් හෙළ උරුමය දැනට තුන්වරක් මහ මැතිවරණවලට ඉදිරිපත් වෙමින් කරවටක් දේශපාලන මඩගොහොරුවේ ගිලී ඇත. අද වන විට එහි ජන පදනම එයට අහිමිවීම අහඹුවක් නොවේ. එම පක්ෂය විසින් මුලින් දුන් පොරොන්දු සියල්ල අද වන විට අමතක කොට දමා අවසානය. 2003 වර්ෂයේදී පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් සැක සහිත ලෙස අපවත් වූ අතර ඒ මළගම උඩින් ජාතික හෙළ උරුමය බිහි විය. සෝම හිමියන්ගේ ශාන්ත ආමන්ත්‍රණයට ඇහුම්කන් දුන් බොහෝ පිරිස් ජාතික හෙළ උරුමය වටා රැස් විය. වර්තමානය වන විට විවිධ නම්වලින් ජාතික සංවිධාන පිහිටුවාගෙන සිටින ගිහි පැවිදි බොහෝ දෙනා 2004 දී හෙළ උරුමය සමඟ සම්බන්ධ වී සිටියෝය. රාජ්‍ය නොවන සංවිධාන ක...

නීතිය නැවූ ජාතික ආණ්ඩුව

Image
(Link to PDF :  https://drive.google.com/open?id=0B-8txb8ehewfZkRUTWJZbGlvb0pSdlZoVE5qMjNRa3lIX2g0 ) ජාතික ආණ්ඩුවක් නම් එයින් මුළු ජාතියම නියෝජනය විය යුතුය. ලෝකයේ විවිධ ජාතීන් විවිධ කාලවකවානු තුළදී සිය ජාතිය අභිමුව පැන නැගුණු අභියෝගයන්ට මුහුණ දීමට එවන් ජාතික ආණ්ඩු ගොඩනගාගෙන ඇත. දෙවන ලෝක යුධ සමයේ මිත්‍ර පාර්ශවික රටවල් බොහොමයක එවන් ජාතික ආණ්ඩු පිහිටවූ අතර ජර්මනිය ඇතුළු අක්ෂ බලවතුන් පරාජය කිරීම සඳහා එම ජාතික ආණ්ඩු මහඟු පිටිවහලක් විය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වන වගන්තියෙන් ජාතික ආණ්ඩුවක් යන්න නිර්වචනය කොට ඇත. ඒ අනුව ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් හිමි පක්ෂය අනෙකුත් පාර්ලිමේන්තුවේ ආසන හිමි පක්ෂ සමඟ ගිවිසුම් මගින් සන්ධානගත වීමෙන් පිහිටුවන ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවක් ලෙස හැඳින්විය හැකිය. 2015 අගෝස්තු මහ මැතිවරණය අනුව එක්සත් ජාතික පක්ෂයට ආසන 106 ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95 ක් ද, ඉලංගෛ තමිල් අරසු කච්චියට ආසන 16 ක් ද, ජනතා විමුක්ති පෙරමුණට ආසන 06 ක් ද, ඊ.පී.ඩි.පී සංවිධානයට ආසන 01 ක් ද මුස්ලිම් කොන්ග්‍රසයට ආසන 01 ක් ද (මුස්ලිම් කොන්ග්‍ර...

20 ත් අරන් ජවිපෙ කොයිබට ද ?

Image
(Link to PDF :  https://drive.google.com/open?id=0B-8txb8ehewfT1dyM3B2OGlkM0RReFJwMkNDeUhIZm1oTVhz ) 72 මහමැතිවරණයෙන්   පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලබාගත් සමගි පෙරමුණු ආණ්ඩුව නව ජනරජ ව්‍යවස්ථාව ගෙන එමින් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයේ දායාදයක් වූ සෝල්බරි ව්‍යවස්ථාවට   තිත තබන ලදි. එම ආණ්ඩුවේ බලතල ඉසිලූ වාම ප්‍රවාහය රට මෙහෙයවූයේ සංවෘත ආර්ථිකයක් වෙතය. එකී ආර්ථික රටාව නිසා රටේ ජනතාව පීඩාවට පත් වූ අතර අවස්තානුකූලව එජාපය ආර්ථිකය විවෘත්ත කොට ධර්මිෂ්ට සමාජයක් බිහි කරන බව කියමින් ජන වරමක් ඉල්ලන ලදි.ඒ අනුව සුවිශාල ජනවරමක් සහිතව   1977 දී එජාප ය ආණ්ඩු බලය ලබා ගත්තේ පාර්ලිමේන්තු ආසන 5/6 කට හිමිකම් කියමිනි. ආර්ථිකය විවෘත්ත කිරීම හරහා හමා එන ලිබරල් ප්‍රවාහය තුළ තමාට මුහුණ දීමට සිදුවන අනිවාර්ය ප්‍රතිරෝධය ගැන අවබෝධයක් ජයවර්ධන අගමැතිවරයාට තිබිණි. ආර්ථිකය විවෘත්ත කොට , නව ලිබරල් ප්‍රතිපත්ති හඳුන්වාදීමට සමගාමීව සියලු බලතල කැටි කොටගත් විධායක ජනාධිපති ධූරය සහිත 78 ව්‍යවස්ථාව ගෙන ආවේ ඒ අනුවය. එතුමා බලාපොරොත්තු වූ අයුරින්ම ලිබරල්කරණය හමුවේ ඇති වූ පීඩනයේ ආර්ථික මුහුණුවර 80' ජූලි ...

ආර්ථික නිදහස පාවා දෙන පෙරහැරේ කසකරුවා

Image
(Link to PDF :  ආර්ථික නිදහස පාවා දෙන පෙරහැරේ කසකරුවා ) ආණ්ඩුව විසින් දැන් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සඳහා මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණේ 2016 වසරේ ජූලි 18 දිනය. ඒ සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාද , සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂියන් ලුන් මහතා ද අත්සන් තබනු ලැබීය. කලාපීය ගිවිසුම් මගින් ලබන වසර වන විට දකුණු ආසියාවේ දක්ෂිණ උප කලාපයට සහ සිංගප්පූරුවට ත්‍රෛපාර්ශවික සැළසුමකට එක් වීමට හැකි වනු ඇති බව එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට තිබුණි. සිංගප්පූරුව සහ ඉන්දියාව අතර ඇති සීපා ගිවිසුම , ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම , ශ්‍රී ලංකාව සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුම එම ගිවිසුම්වලට අයත් බවයි එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. පසු ගිය කාලය මුළුල්ලේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට අර අදින එට්කා ගිවිසුම සඳහා රටේ විවිධ පාර්ශවයන්ගෙන් බලවත් විරෝධයක් එල්ල විය. එහි ප්‍රතිපලය වූයේ එට්කා ට කලින් කරළියේ නොතිබූ , සංවාදයට බඳුන් නොවූ මාතෘකාවක් වූ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පෙරට ගෙන ඒ...