සුමන්තිරන්ලාගේ කෙරුම්කාරකම
2018.12.29 - ටීඑන්ඒ නිල නොලත් නායක ආබ්‍රහම් සුමන්තිරන්ගේ මාධ්‍ය සාකච්ඡාව. “මහින්ද රාජපක්ෂ පාර්ශවයේ කීප දෙනෙක් කියලා තියනවා නොවැම්බර් 07 වනදා ගෙන ඒමට තිබූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත නවත්වන්න තමයි මෙම ආණ්ඩු වෙනස සිදු කළේ කියලා. අපි ජාතික රජයක් සෑදීමට සහයෝගය ලබා දුන්නේ එක් අරමුණක් ඇතිව. එම අරමුණ ඉටු නොවන ආකාරයට තමයි ඔක්තෝම්බර් 26 වනදා වෙනසක් සිදු වුණේ. ඒකට අපි විරුද්ධව කතා කළා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය කඩ වෙනවා නම් එය මුලින්ම බල පාන්නේ දෙමළ ජනතාවට. මොකද අපි දේශපාලන විසඳුමක් සොයන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විවිධ බලයන් පළාත් සභාවලට ලබා දිය යුතුයි. මෙය මධ්‍යම රජය හා ආණ්ඩුකාරවරයා අත නොතිබිය යුතුයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් විය යුතුයි කියලයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් ව්‍යවස්ථාවක් සෑදීමේ කටයුතුවල නියැලෙනවා. පෙබරවාරි 04 වනදාට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්, අපිත් එකතු වෙලා හදපු කෙටුම්පතක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් නැති වෙලා ත...